ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන්තොටුපළේ දී සෙනසුරාදා (22) අත්අඩංගුවට ගත් බව ඩුබායි ආරංචි කියයි.
සාජා නුවර කම්හලක අයිතිය පිළිබඳ සමීප නෑයකු සමග නඩුවකින් මෙම ව්‍යාපාරිකයා පැරදී ඇතැයි ද එම නඩුවට ඔහු විසින් ඉදිරිපත් කරන ලදැයි කියන ලේඛන ගැන සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම ආරංචි කියයි.
නෙදර්ලන්තයට යමින් සිටිය දී ඩුබායි ගුවන්තොටුපළේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි කියති.
ලාංකික ව්‍යාපාරිකයා සාජා පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඔහු දැන් රිමාන්ඩ් කර ඇතැයි ද කියති.