ඕලන්ද යුගයට අයත් බවට විශ්වාස කරන ලෝකඩ හෝ තඹ කාලතුවක්කුවක් කොළඹ වරාය මුහුදේදී හමුවී ඇතැයි රේගුව කියයි.
ටොන් දෙකක් පමණ බරැති අඩි හතක් උසැති කාල තුවක්කුව රේගු ජෛව විවිධත්ව,සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය මගින් පරීක්ෂාවට ලක් කැර ඇති අතර එය රේගුව භාරයට ගැනීමට ද නියමිතය.