කොළඹ වරායෙත් ඉන්දියා විරෝධයක්


කොළඹ වරායේ දකුණු දෙස පර්යන්තයක් දකුණු ආසියාවේ පළපුරුදු සමාගමකට බදු දීම සඳහා කැඳවූ ටෙන්ඩර මේ දිනවල පරීක්ෂාවට ලක්වෙතියි දැනගන්නට ඇත.

එහි පර්යන්ත තුනෙන් එකක් චීන සමාගමකට දී ඇත. ඉතිරි පර්යන්ත දෙකෙන් එකක් වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යන අතර දකුණු ආසියාවේ පළපුරුදු ආයතනයකට බදු දීම සඳහා වන තෙවැනි පර්යන්තය ඉන්දියාවට දීමට යතියි කියමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද උද්ඝෝෂණයක් පැවැත්වීය.

මෙම පර්යන්තයට බංගලිදේශය ද ඉල්ලුම්කර ඇතැයි දැනගන්නට ඇත.

මේ වනතුරු එම බදුදීමට නියමිත පර්යන්තය කිසිවකුට ලබාදී නොමැති බව වරාය ආරංචි කියයි.

GLA_4619 GLA_4623