(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ගස් කඩා වැටීම සහ ජලයෙන් යට වීමෙන් මෙම මාර්ග අවහිරතාවයන් සිදුව ඇත. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල ආසන්නයේ සහ කැප්පෙටි පොළ මාවත,ජාතික රෝහල 04 වන දොරටුව ආසන්නයේ,ඇල්විටිගල මාවත , රැජින පාර හන්දිය,කොටහේන ආමර් බාබර් හන්දිය පන්සල අසල මෙලෙස අවහිරවී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

