
(යොහාන් භාසුර)
කොළඹ නරගය අද වන විට මිලිටරි කඳවුරක් ස්වරූපයට පත්වීම ප්‍රජාන්ත්වාදී රටකට ගැලපෙන වාතාවරණයක් නොවන බවත් ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වූයේ නම් මිලිටරි තත්වය මීට වඩා දස ගුණයකින් වැඩි වන බවත් ’නිදහස් ජනතා සංධානයේ’ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය.
සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු යැයි පැවසුව ද මිලිටරි කඳවුරක ස්වරූපයකක් තියෙන රටකට සංචාරයන් පැමිණීම කෙසේ වෙතත් රට තුළ සිටින සංචාරකයන් ද බියට පත්ව පැන යන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රතිත්‍රස්ත පනත හරහා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව අවම වශයෙන් බුක්ති විදිය අයිතිවාසිකම් ද නැති කිරීමට උත්සහ කළ බව ද සඳහන් කළේය.
විපක්‍ෂයේ වැඩපිළිවෙළ අතිශයින් ඵලදායි සහ සාර්ථක බවට පත්වෙමින් ප්‍රතිත්‍රස්ත පනත නතර කිරීමට හැකිවූ බවත් ජනතාවට හිංසාකාරී සහ පීඩාකාරී පනත් වැලැක්වීමට සහ පරාජය කිරීමට විපක්‍ෂය එකතු වීම නිසා ඒවා තාවකාලිකව හෝ නැවැත්වීමට හැකිවූ බවත් ඒ මහතා කීය.
දින නියම කර තිබූ මහ බැංකු පනත සම්බන්ධයෙන් විපක්‍ෂ නායකතුමා ආණ්ඩුවට කථා ආදි ක්‍රියාමාර්ග නිසා එය දින නියමක් නොමැති තත්වයට පත්කිරීමට විපක්‍ෂයට හැකිවූ බව කී මහාචාර්යවරයා පැවසුවේ මහ බැංකුව සමාන්තර වෙනම ආණ්ඩුවක් බවට පත්වීමෙන් වෙනත් ග්‍රහලෝකවල ඉන්න පුද්ගලයන්ට ද ශ්‍රී ලංකාවේ මූල්‍ය තීරණ ගැනීමේ අවස්ථාව එම පනතින් ලැබෙන බවත්ය.
’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධිය පිළිබඳව රජය සහ නීතිපතිතුමා ගෙන එන කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොමැති බවත් ගතයුතු සියලුම පියවර සම්බන්ධයෙන් විපක්‍ෂය වගකීම භාරගෙන ඊට සුදුසු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බවත් ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

