කොළඹ මහ නගර සභාව මහජනයාට සති දෙකකට වහයි


(ජයන්ත සමරකෝන්)

කොළඹ මහ නගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය අද(15) සඳහන් කළාය. නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා  වසා දමා ඇතැයි ඇය කියාසිටියාය.

එසේම, ඩීන්ස් පාර මරදාන පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලය සති දෙකක් වසා දමා ඇති අතර, එහි කාර්ය මණ්ඩලයටත්  මහජනයාටත් යන දෙපිරිසටම එය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව රෝෂීණී දිසානායක මහත්මිය සඳහන් කළාය.

මහජන ආධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇය රෝහල්ගත කළ බැවින් මෙම තීරණය ගත් බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ලංකාදීපයට අද(15) පැවසීය.

එම ආයතනයේ සේවකයන් 80දෙනෙකුට අද(15) හදිසි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ බැවින් ද, ආසාදිත සේවිකාව ඇසුරු කළ බවට හඳුනාගත් නගර සභාවේ ආශ්‍රිතයන් 110දෙනෙකුට හෙට(16)  පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බැවින් ද නගර සභාව සහ මරදාන කාර්යාලය මෙලෙස වැසීමට තීරණය කර තිබේ.

කොරෝනා ආසාදිත සේවිකාවගේ සැමියා ජාතික රෝහලේ සේවකයකු බවද, පරීක්ෂණවලදී හෙළි වී ඇත.

(වැඩි විස්තර සඳහා පහත නිවේදනය වෙත යොමුවෙන්න)