කොළඹ මංමාවත් රැසකට නම් නෑ


කොළඹ නගරයේ මංමාවත් 1525ක් සඳහා නම් නොමැති බව නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පවසයි.

කොළඹ ඇති මංමාවත් සංඛ්‍යාව 3525කි. කොළඹ නිවාස 120,000ක් සඳහා වරිපනම් අංක දී ඇතත් වරිපනම් අංක නොමැති නිවාස ද විශාල සංඛ්‍යාවක් ඇති බව ද නගරාධිපතිවරයා කීවේය. මේ හේතුවෙන් මැතිවරණ කාලයේ දී ඡන්ද හිමි කාඩ්පත් බෙදීමට නොහැකිව ආපසු හරවා යැවීමට සිදුවන බව ද ඔහු පවසයි.

_DSC0478 _DSC0506