කොළඹ ප‍්‍රධාන පාසලක් දක්‍ෂයන් බිළිබෑමක


කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක් විවිධ වරප‍්‍රසාද දෙමින් කොළඹ අවට පාසල්වල දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසක් එම පාසලට ඇතුළත් කර ගැනීම නිසා ක‍්‍රීඩකයන් අහිමිවූ පාසල් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව පුහුණුකරුවෝ චෝදනා කරති.

මෙම පාසලට හිතවත් අධ්‍යාපනයට සම්බන්ධ උසස් නිලධාරීන් යොදවා අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට බලපෑම් කරමින් ක‍්‍රීඩකයාට නව පාසලේ ක‍්‍රීඩා කිරීමට හැකිවන පරිදි ලිපි ද ලබාගෙන ඇති බව වාර්තා වේ.