කොළඹ පුරසබේ ප්‍රධාන සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී උසාවි කැඳවයි



 
උපාලි ආනන්ද  

නඩුවක සාක්කි ලබාදීමට මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතාට අධිකරණයට යාමට ඉඩ ලබා නොදුන්නේ කුමන බලයක් මතදැයි විවෘත  අධිකරණය හමුවේ පෙනී සිටිමින්  කරුණු දක්වන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්   හේමන්ත පුෂ්පකුමාර මහතා කොළඔ  මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට අද (5)  නියෝග කළේය 

පෞද්ගලික සමාගමකට එරෙහිව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය  හමුවේ පැවති නඩුවක් අද යළි කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්  පුෂ්පෙකුමාර මහතා  මෙසේ නියෝග කළේය.

තමන්ට එරෙහිව අධිකරණය මගින් නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවා ගැනීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට  පැමිණිමටවත් කොළඔ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තමන්ට ඉඩ ලබා නොදුන් බවද මහජන සෞඛ්‍ය  පරික්ෂක  ජයතිලක මහතා තවදුරටත් අධිකරණයට සැල කළේය.