හදිසි අලුත් වැඩියාවක් නිසා කොළඹ මෝදර අලුත් මාවත ඉබ්බගේ වත්ත කොටස හා ශාන්ත ජේම්ස් මාවත හන්දිය දක්වා අද සිට (22) සිට මාස හතරක් දක්වා වසා දමන බව මෝදර පොලිසිය කියයි. ශාන්ත ජේම්ස් හංදියේ වර්ණ සංඥා අසලින් දකුණට හැරි මුතුවැල්ල පාර ඔස්සේ හෝ සංඥා අසලින් වමට හැරී බ්ලුමැන්ඩල් හරහා ආමර් වීදිය ඔස්සේ කොළඹට ළඟවිය හැකි බව පොලිස් රථවාහන අංශය පවසයි.