(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (ජූලි) සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) පැවසීය.
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජුනි මාස සියයට 12 ක පැවැති බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කීය.
මෙම මස (ජූලි) ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -1.4 ක් දක්වා පහත වැටී ඇති අතර පසුගිය ජුනි මාසයේදී එය සියයට 4.1 ක් ලෙස පැවැති බවත් ජූලි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 10.5 ක් දක්වා පහත වැටී ඇති අතර එය පසුගිය ජුනි මාස සියයට 16.2 ලෙස පැවැති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

