කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය අද ඇරැඹිණි.
අද රාත්‍රී සුබ මොහොතින් මෛත්‍රීපාල සිරිසේන මහතා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා පිට තැබීමෙන් පසු පෙරහර වීදි සංචාරය කිරීම ඇරැඹිණි.
අලි ඇතුන් හා විවිධ පෙරහර අංගෝපාංගයන්ගෙන් ද ශ්‍රී ලාංකිය සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන අංග රැසකින් ද පෙරහර සමන්විත විය.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ පෙරහර මංගල්‍යය සිදුකෙරේ.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)
(ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
(වීඩියෝ ශාන්ත රත්නායක)





















