
(යොහාන් භාසුර)
කොළඹ නගර සභාවට නව නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා මේ වන විට රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරයා තීරණය කර ඇත.
ඒ අනුව මේ වන විට නව නගරාධිපති තෝරාපත් කරගැනීමට රහස් ඡන්දයක් පවත්වමින් පවතී.
ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ද සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතා නගරාධිපති තරගයට ඉදිරිපත්ව ඇත.
පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට 50 ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු හෙයින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධාන්වයෙන් කොළඹ මහ නගර සභාවේදී දැන් පැවැත්වේ.

