කොළඹ නගර සභාවට උසාවි නියෝගයක්


කොළඹ පිටකොටුවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ එම සංගමයේ සාමාජිකයෝ දෙදෙනෙක් තම වෙළඳසල් සඳහා කොළඹ මහ නගර සභාවට කුලී ගෙවා ඇතත් කුලී ගෙවා නැතැයි කියමින් කඩවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

ඔවුන්  ඉවත් කිරීමට පෙර අධිකරණ නියෝගයක් ලබාගත යුතු බව මහේස්ත්‍රාත්නියෝග කළේය. කහඳගමට එරෙහිව නඩු පවරා ඇත්තේ සුළු වෙළඳුන්ට කඩ ලබාදීමේ මුවාවෙන් ඔහු ඔවුන්ගේ මුදල් වංචාකළ බව කියමිනි. ඔහු දැනට ඇප මත මුදාහරිනු ලැබ සිටී. කහඳගමගේ ඇතුළු සැකකරුවන් දිනපතා රුපියල් 5 සිට 500 දක්වා පදිකවේදිකාවේ ඇති කඩ 289 ක් හා අනෙක් වෙළඳසල් 539 කින් මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.

නඩු විභාගය සැප්තැම්බර් 11 වැනිදාට කල් තැබිණි.