කොළඹ නගර සභාව 150 වසර සමරයි


කොළඹ මහ නගර සභාවට වසර 150ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

කොළඹ නගර සභාවෙන් දේශපාලන දිවිය ඇරඹූ දේශපාලන නායකයින්ට ඇගයුම් සම්මාන ද මෙහිදී පිරිනැමිණි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන අය වෙනුවෙන් සම්මාන පිරිනැමුණු අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එම සම්මාන ලබාගත්හ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුද විදේශීය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

RDS_9157 RDS_9178 RDS_9190

nagara_201512141 nagara_201512142 nagara_201512143 nagara_201512144

nagara_201512145