කොළඹ චෙට්ටි කී‍්‍රඩා දිනය 2 දා


කොළඹ චෙට්ටි කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන 2013 වසරේ කී‍්‍රඩා දිනය ජූනි මස 2 වැනිදා පී. සරවනමුත්තු ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී උදෑසන 9.30 සිට පැවැත්වේ.

පිරිමි, කාන්තා සහ ළමුන් සඳහා වන සය සාමාජික කි‍්‍රකට් තරගාවලියක්, කාන්තාවන් සඳහා වන දැල්පන්දු තරගාවලියක්, පිරිමින් සඳහා වන කඹ ඇදීමේ තරගාවලියක් සහ තරුණ, මහළු අයවලූන් සඳහා වන තවත් ගෘහස්ථ කී‍්‍රඩා රාශියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කි‍්‍රකට් සහ දැල්පන්දු තරග සඳහා සහභාගි විය හැක්කේ කොළඹ චෙට්ටි කී‍්‍රඩා සමාජයේ සාමාජිකයන්ට පමණක් වන අතර පසුගිය වසරවල මෙන්ම බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් නියෝජනය කරමින් කී‍්‍රඩා කණ්ඩායම් මේ වසරේදීත් තරගාවලියට සහභාගීවීමට නියමිතය.
වැඩිදුර විස්තර 0722763313 (සිල්වා), 0714742755 (කොලින්), 0786044602 (ෆර්මින්) යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.