රුපියල් කෝටි 40කට ආසන්න ගිනි නිවන රථ 11ක් හා ගිනි නිවන උපකරණ තොගයක් ජපාන රජය කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අද (27) බාරදුන්නේය.
නාගරික කොමසාරිස් වී.කේ.අනුර මහතා එම ගිනි රථ බාරගත්තේය.
ජපාන - ශ්‍රී ලංකා ආර්ථික හුවමාරු සංගමය මෙම කාර්යයට මුල් විය.






