කොළඹ කොටුව උසාවියෙන්


  • වැඩ වර්ජනය නොකළ ඉංජිනේරුවරියකට කුණු තක්කාලිවලින් ගැසීයැයි කියන විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිව් දෙනකුට එරෙහිව නීතිපති උපදෙසින් නඩු පැවරීමට යයි. සාක්කිකරුවන් ලබන ජූනි 10 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතුයැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

 

  • පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනකු පාකිස්ථානයට රැගෙන යන බව කියමින් රුපියල් පන් ලක්ෂ හැට දහසකට ආසන්න මුදලක් වංචා කළැයි කියන ක්‍රීඩා පුහුණුකරු මොහොමඩ් රිස්වාන්ට කොළඹ කොටුව උසාවියෙන් ඇප ලැබිණි.

 

  • අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුන් වැඩ කළැයි රුපියල් හාර කෝටියකට ආසන්න මුදලක් වංචා කළැයි කියන එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වූ කාන්ති ගුණවර්ධනට එරෙහිව ලී බඩු සාප්පු හිමියකුගේ සාක්කිද ඇතැයි රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්ට දැන්වීය.

 

  • දැයට කිරුළේ තාවකාලික වැසිකිළි 230ක් ඩෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉදිකිරීමට බාරගත් සරත්චන්ද්‍ර ඒකනායකට හිටපු විධායක නිලධාරිනිය මුදල් ගෙවා ඇතැයි ද, එය පොදු දේපල පනත උල්ලංඝණය කිරීමක් යැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.