කොළඹ කොටුව අවට මාර්ග තදබදයක්


(යොහාන් භාසුර)

වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටිති.

මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවතී.

රජය ක්‍රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)