කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එන පාගමන කටුවපිටියෙන් පිටත් වෙයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලිව් කීර්ති)

පාස්කු දා සිදු වූ  ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද (20) රාත්‍රී කටුවපිටිය සාන්ත සෙබස්තියන්  දේවස්ථානයේ පැවති පූජාවෙන් අනතුරුව ඊට සහභාගි වූ පිරිස කොළඹ කොච්චිකඩේ දේවස්ථානය  කරා යන  පා ගමන්  ඇරැඹූහ.

රාත්‍රී විශේෂ දේව පූජාව පස්වරු 7.00 ට ආරම්භ වූ අතර පාස්කු ප්‍රහාරය නිසා වින්දිතයන් බවට පත් වූ පිරිස ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

පූජාවේ කටයුතු අවසන් වීමෙන් පසු ඊට සහභාගි වූ පිරිස පෙළගැසී කොච්චිකඩේ දේවස්ථානය කරා යන පාගමනේ කටයුතු සාමකාමීව ආරම්භ කරනු ලැබීය. 

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා ගමන් කෙරෙන මෙම පා ගමන වෙනුවෙන් කටුනායක -සිදුව ඇතුළු ස්ථාන කීපයක දී දන්සැල් පැවැත්වීමට ද සංවිධානය කර තිබිණි .

මෙම පිරිස හෙට (21) පෙරවරු 8.00 වන විට කොච්චිකඩේ දේවස්ථානය අසලට ළඟා වීමට නියමිත අතර එහි පැවැත්වෙන දේව පූජාවට සහභාගි වීමටද නියමිතය