(අංජුල මහික වීරරත්න)
කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.
මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබිණි. ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් සැකසීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත්කරනු ලැබීය.
එම විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත්කර තිබේ.
එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අනුව පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 2.125ක පමණ වාර්ෂික පිරිවැයක් දැරීමට සිදුවේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් දිනකට කසල මෙට්‍රික් ටොන් 300 ක් ආර්ථිකමය වාසි ලබාගත හැකි බවද අදාළ කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

