කොළඹ කටවුට් තිබ්බොත් නඩු


ජනාධිපතිවරණයට නාම යෝජනා  බාර දෙන ලබන සඳුදා (8) ට පෙර කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබෙන නිතී විරෝධි කටවුට් හා මැතිවරණ ප්‍රචාරක පුවරු ඉවත්  නොකළහොත් කොළඹ මහ නගරාධිපතිවරයාට හා මහ නගර සභා කොමසාරිස්වරියට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගම් විධායක කමිටුව ඒකමතිකව  තීරණය කළ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතා අද (5) කොළඹදී පැවසීය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන්  මැතිවරණ කොමසාරිස්වරයා  නිසි උපදෙස් ලබා දී තිබියදී එසේ නොකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා එහිදී සඳහන් කළේය.

 

DSC_7483