කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය සිදු කළ සමීක්ෂණයකදී කොළඹ නගරයේ අනවසර වෙළඳුන් 1158 දෙනෙකු සිටින බවට අනාවරණය වී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.
එම වෙළඳුන් වහාම ඉවත් කරන ලෙස පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පොලිසියට සහ කොළඹ මහ නගර සභාවේ නිළධාරින්ට නියෝග කර ඇතැයි කියති.
ඒ අනුව කොළඹ නගර සීමාවේ පදික වේදිකාවේ පුද්ගලයින් 720 දෙනෙකු අනවසරෙන් වෙළඳාමේ නිරත වන අතර ඉන් 699 දෙනෙකුම වෙළඳාම්වල නිරත වන්නේ පිටකොටුව ප්‍රදේශයේ බව ද අනාවරණය වී ඇත.