කොළඹ අධි ආරක්ෂිත කලාප යයි


කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබූ මාර්ග කිහිපයක් අද (22) සිට වාහන සඳහා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, වැතම් වීදිය සහ මුදලිගේ මාවත සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත වන බව ද ඔහු පවසයි.

මීට පෙර සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත වූ බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ සිට තුන් මුල්ල හංදිය දක්වා කොටස සියලු වාහන සඳහා විවෘත කෙරේ.