කොළඹ පුර සබේට 150යි


කොළඹ මහනගර සභාවට වසර  150  පිරීම නිමිත්තෙන්  සර්ව ආගමික සැමැරුම් වැඩසටහන් යටතේ හින්දු ආගමික ආශිර්වාද  පුජාවක් අද (24)  නගර සභා  පරිශ්‍රයේදී පැවැත්විණි.

කොටහේන කප්පිත්තාවත්ත හින්දු කෝවිලේ  ප්‍රධාන පුජක ශිවගිරි රාධා ක්‍රිෂ්ණන් කුරුක්කල්තුමාගේ  ප්‍රධානත්වයෙන්  එය පැවැත් විණි.

නැවත පදිංචි කිරීමේ  කැබිනට් අමාත්‍ය ඩී එම් ස්වාමීනාදන් ,කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල්,නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා ,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් නාගරික කොමසාරිස් වීකේ අනුර යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

11006117_872658769424256_140231245_n RDS_5029 RDS_5036