(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව - මහනුවර සතිඅන්ත නගාරාන්තර දුම්රිය අද(09) සහ හෙට(10) ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අංක 1033 දරණ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.5.20ට මහනුවර බලා ධාවනය වන අතර හෙට(10) මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 5.50ට කොටුව බලා ධාවනය වේ.
හෙටට(10) යෙදී තිබෙන රජයේ නිවාඩුව සැලකිල්ලට ගෙන මගීන්ගේ ගමන් පහසුව සඳහා මෙම දුම්රිය අද(09) සහ හෙට(10) ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.

