කොළඹ - නිට්ටඹුව බස් වර්ජනයක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නිට්ටඹුව සිට කොළඹ ධාවනය වන මාර්ග අංක 180 පුද්ගලික බස් රථ 30 ක් පමණ අද 17 අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වැඩවර්ජනයට හේතු වී ඇත්තේ ඉකුත් 16 දින  මිරිස්වත්ත හන්දියේදි ත්‍රිරෝද රථ රියදුරකු නිට්ටඹුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පහර දී මේ සිද්ධියකි.

මේ පහර දීම සම්බන්ධව යක්කල පොලිස්ථානයට පැමිණිලි කර ඇතත් මේ දක්වා සාධාරණයක් සිදු නොවිම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පුද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරු සඳහන් කළහ .