කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව කොළඹ විශ්ව විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. කාන්තා ශූරතාව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමිවිය.
පිරිමි අවසන් මහ තරගයේදී කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ලකුණු 73 - 60 ක් ලෙස කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරන ලදි. කාන්තා අවසන් මහ තරගයේදී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ලකුණු 54 - 25 ක් ලෙස කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරන ලදි.
පිරිමි අංශයේ අවසන් පූර්ව තරග වලදී කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම හමුවේ මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමත්, කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම හමුවේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායමත් පරාජයට පත්විය.
කාන්තා අංශයේ අවසන් පූර්ව තරග වලදී මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කළ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායමත්, කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කළ කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායමත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
තෙවැනි ස්ථානය සඳහා පැවති තරග දෙකේදී පිරිමි අංශයේ ජය ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලටත්, කාන්තා අංශයේ ජය කොළඹ විශ්ව විද්‍යාලයටත් හිමිවිය.
(*)