එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය ලී ජුන් මහතා අතර විශේෂ හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණී.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ සැලසුම් පිළිබඳව චීන ¥ත පිරිස දැනුම්වත් කළ බවද ඒ සඳහා චීන රජයේ සහයෝගය ලබා ගන්නා ආකාරය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන චීන නියෝජිත පිරිස සතුට පළ කළහග මෙය එක්සත් ජාතික පක්ෂය හා චීන කොමියුනිස්ට් පක්ෂ අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ මහඟු අවස්ථාවක් බව චීන නියෝජිතයෝ කීහ.
එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික‍්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු එක්සත් පිරිසක් ද ඊට සහභාගී වූහ.





