කොස්ලන්දේ සිරුරු සෙවීම නවත්වයි?


හල්දුම්මුල්ල මීරියබැද්දේ මළ සිරුරු සෙවීමේ කැනීම් අවසන් කිරීම ගැන මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා අද (7) පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුයේ මළසිරුරු කැබලි වශයෙන් ගොඩගැනීම දැන් නතර කළ යුතු බව මියගිය අයගේ නැදෑයන් ඇමැතිවරයාට දැන්වීමෙන් පසුවය.

කැනීම් අවසන් කරන්නේ නම් තමත් කැමති බව ඔවුහු කීය. අද කැනීම් සිදු වූයේ 11 වැනි දිනටය. දැනට හමු වී ඇත්තේ සිරුරු 10 ක් සහ කැබලි කිහිපයකි.