කොස්ලන්ද මිරියබැද්දේ නාය යෑමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැළසීමට ආසියා කලාපයේ රටවල් රැසක් ඉදිරිපත්ව සිටී.
ශෝක ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ක්ෂණික සහන සැළසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් වටිනා ආධාර ශී‍්‍ර ලංකාවට ලබා දීමට ඉන්දියාව සූදානමින් සිටින බව එහි සඳහන් කර ඇත.මේ සම්බන්ධයෙන් දෙරටේ බළධාරීන් අතර වැඩිදුර සාකච්ඡා සිදුකෙරෙමින් පවතී.
පකිස්තාන අගමැති නවාස් ෂෙරීෂ්ද ශෝක ප‍්‍රකාශයක් නිකුත් කරමින් විපතට පත්වූවන් සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබේ. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වීමට පකිස්තානය සූදානමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.
මේ වන විටත් පකිස්තානයේ ශී‍්‍ර ලංකාවේ සහන සේවා කටයුතු සදහා අවැසි ද්‍රව්‍ය එක්රැුස් කෙරෙමින් පවතින අතර ඒවා නුදුරේදීම ගුවන්මගින් දිවයින වෙත ගෙනඑනු ඇත.
දකුණු කොරියාවද විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැළසීමට ඉදිරිපත්ව සිටින අතර පසුගියදා ආපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මුණගැසුණු ශී‍්‍රලංකාවේ දකුණු කොරියා තානාපති චැන්ග් වොන් සැම් මහතා රුපියල් ලක්ෂ 23 ක් වටිනා චෙක්පතක්ද එම කටයුතු වෙනුවෙන් ප‍්‍රදානය කළේය.

