අම්බලන්ගොඩ කන්දෙගොඩ පුරාණ මහාචේතිය පිරිවෙන් වාර්ෂික කඨින පූජාව දායකයෝ කපු රෙද්දක් ගෙන චීවරය මසා පාරම්පරික ‘‘පඬු වර්ණ” යොදා පූජා කළහ.
කන්දෙගොඩ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සංවිධානය කැරිණි. පඬු වර්ණ ගැන්වීමේ ප්‍රයෝජන ගැන අමරපුර මහා නිකායේ අධගහපිටිය පාර්ශවයේ ලේඛකාධිකාරී කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මාදම්පාගම අස්සජීතිස්ස හිමියෝ කොස් කොළ සහ බෝම්බු කොළ තම්බාගත් ඖෂධීය ජලයෙන් පොඟවාගත් චීවරය දෙවැනිවරට අරටු කොස්මුල් අරටු තම්බාගත් ජලයෙන් පොඟවා වේලා ගන්නා බවත් එවැනි සිවුරු පෙරවීමෙන් මදුරුවන්, මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් ආරක්ෂා වන අතර කුෂ්ඨ රෝග වැළඳීමද වළකින බව කියති.

