පොලිස් කාන්තාවන් සිටින භට නිවාසයකට හොරෙන් ඇතුළු වූ බව කියන අම්පාර කොට්ඨාසයේ පොලිසියක පොලිස් කොස්තාපල්වරයකු (28) සම්බන්ධයෙන් අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අද (25) පස්වරු පහට පමණ කාන්තාවන් පමණක් සිටි එම භට නිවාසයට කොස්තාපල්වරයා රහසේ ඇතුළු වී ඇති බවත්, ඔහු දැක කාන්තාවන් කෑ ගසන සද්ධයට පොලිස් ස්ථානාධිපති පැමිණ බලද්දී ඔහු පැන දිවූ බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.
පොලිස් භට නිවාසයේ සිටි කාන්තාවකට කරදර කිරීමට ඔහු එහි පැමිණියේදැයි පොලිසිය සැක කරයි.
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ආර් එල් රණවීර මහතාගේ මෙයෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

