අහුංගල්ලේ ගම්පතිවරයකු හා බළපිටිය ග්‍රාමෝදය මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ 1953 අගෝස්තු 12 හර්තාලයේ ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී නායකයකු වූ රොබට් ජයසේකර මහතාගේ උඩුකය පිළිරුවක් පෙරේදා (11) අහුන්ගල්ලේ ආසන මාවත හන්දියේදී විවෘත කරනු ලැබීය.
මෙම අවස්ථාවේදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ඔහුගේ පුතුන් වන ඇමෙරිකාවේ පාක් ඩේවිස් සමාගමේ අධ්‍යයන අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය උපාලි ජයසේකරද, මාතලී ජයසේකරද, පවුලේ ඥාතීහුද, ගම්වාසීහුද, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහාන් පී ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පී අශෝක වීරසිංහ ද සිල්වා, යන මහත්වරුන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

![20160911_143938[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160911_1439381.png)
![20160911_144301[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160911_1443011.png)
![20160911_173312[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160911_1733121.png)
![20160911_143921[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160911_1439211.png)
