දකුණු පලාත් එක්සත් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති මාධ්‍යවේදී අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වාට මහතාට දකුණේ නමගිය පාතාලයකු මරණිය තර්ජන කළැයි කියන පැමිණිල්ලක් මත පරිකෂණ ආරම්භ කළ බව ඇල්පිටිය කෝට්ඨාශයේ පොලිස් අධිකාරි අතුල විරසිංහ මහතා පැවසීය.
කොස්ගොඩ ඇරෝරා ගමේදී ඉකුත් අට වැන දින සවස 5.30 ට පමණ ත්‍රීරෝද රථ දෙකකින් සහ යතුරු පැදියකින් පැමිණි නව දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක ප්‍රධානියා ලෙස පැමිණි පාතාල සාමාජිකයා මෙම මාධ්‍යවේදියාට තර්ජනය කළ බව කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්වේ.
අපි කවුද කියලා උඹ දන්නවා නේද ? අපි ගැන මිටපස්සේ පත්තර වල ලියාල අහුවෙන්න එපා. අපි කොස්ගොඩ. ඒක උඹ හොඳට මතක තියාගනින්.‘ යැයි තර්ජනය කරද්දී ඔහු සමග පැමිණි තවත් දෙදෙනෙකු තමන්ට පහරදීමට තැත් කළබවද හේමන්ත ද සිල්වා මහතා කොස්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්වේ’