ඉන්ටපෝල් පොලිසිය ඉතාලියේදී අත්අඩංගුවට ගත් ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ඉතාලි රජය සමග සාකච්ඡා අරඹා ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමග ඉතාලියේ ශ්‍රී ලංකා පාතාලය සලිතවී සිටී. පාතාලයට අනුබල දෙන බොහෝදෙනකු සිය අප්‍රසාදය පළ කරයි.
එසැණ දිගින් දිගටම මේ ගැන ප්‍රවෘත්ති පළ කිරීම ගැන විදේශ අමාත්‍යංශයත් ඉතාලියේ රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සතුට පළකරයි. ඉතාලි එසැණ මාධ්‍යවේදීන් හට සියලු ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජය ඉතාලි රජය සමග සකච්ඡා කරන බව අමුණුගම මහතා පවසයි.
අලිතාලියා ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් ආකාරයටම නදුන්ව ද ගෙන්වා ගැනීමට හැකිවෙතියි තානාපති ආරංචි කියයි.
ඔහු මිනී මරුම් ඇතුළු අපරාද රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.