කොස්ගොඩ අනතුරෙන් 22 ක් රෝහලේ


අහංගම සිට කුලියාපිටියේ පන්නල මගුල් ගෙදරකට යමින් සිටි පිරිසක් රැගත් බස් රිය කොස්ගොඩ දූව මෝදර දී අනතුරට ලක්වී විසි දෙදෙනක් රෝහල් ගත කරනු ලැබූහ. විදුලි කණුවේ හැපුණු බසය ටික දුරක් ඇදී ගොස් නතරවන විට එහි තිබූ ට්‍රාන්ස්පෝමරය බසයේ වහළ ද කඩාගෙන බසය ඇතුළට වැටී ඇතැයි පොලීසිය කියයි. එහෙත් ට්‍රාන්ස්පෝමරය පිපිරීමකට හෝ ගිනිගැනීමකට ලක්වී නැත.