(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරීමෙන් අනතුරුව සිදුකළ හිස් උණ්ඩ කොපු වෙන්දේසියෙන් කළුතර දකුණ වෙට්ටුමකඩ ව්‍යාපාරික ස්ථානයකට රැගෙන උණ්ඩ කොපු තොගයෙන් උණ්ඩයක් අද (6) පිපිරීමෙන් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි .
එම පිපිරීම සිදු වී ඇත්තේ සේවකයා කියතකින් උණ්ඩ කොපුවක් කපමින් සිටියදී බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිස් නිළධාරියෙකු පැවසීය.

