(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,492 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය තිදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බව එම වාර්තාවේ දැක්වේ.
පිරිමි අය දෙදෙනෙක් සහ එක් කාන්තාවක් මියගිය අය අතර වෙති.

