
(බන්දුල ඉලේපෙරුම)
කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් එළඹෙන සිකුරාදා (23) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(21) තීරණය කර ඇත. ඒ අද සවස එම සභාව රැස්වීමෙන් පසු ගන්නා ලද තීරණයකට අනුවය.
වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රට අවදානමට ගමන් කරන බැවින් මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට අද(21) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය. ඒ අනුව අදාළ විවාදය 23වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

