කොලු පැටියා හරි හුරතල් : කථා කරන්න පිහිට පතයි


රත්නපුර, තිත්තවැල්ල පාර, කොස්වැටිය පල්ලෙබැද්දේ අංක 242 ලිපිනයේ පදිංචි යසිරු බණ්ඩාර (4) දරුවාගේ ශ්‍රවණාබාධිත තත්ත්වය සුව කරගැනීම සඳහා කර්ණසංඛ බද්ධයක් සිදුකිරීමේ සැත්කම සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී. කලින් උදව් උපකාර කළ සියලුදෙනාටම අනේක වාරයක් ස්තූතිවන බවත් සැත්කම සඳහා තවත් රුපියල් ලක්ෂ 2 ක පමණ මුදලක් අවශ්‍ය බව  මව කියන්නීය.

පේරාදෙණිය ළමා රෝහලේදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ළඟදීම සැත්කම කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය රුපියල් 19,50,000 ක මුදලක් අවශ්‍යව තිබිණි. 

බහතෝරන වියේ සිටින මේ දරුවාට කථා කිරීමට නොහැකිය. ඔහුගේ බොහෝ ක්‍රියා සංඥා භාෂාවෙනි. 

ආධාර මුදල් ගොඩකවෙල මහජන බැංකුවේ කේ.එල්.එච්.දයාවතීගේ නමින් ඇති 245-2-001-2-0049307 (මහජන බැංකුව swift code PSBKKLX) ගිණුම් අංකයට බැර කරන මෙන් යසිරුගේ දෙමාපියෝ ඉල්ලා සිටිති. වැඩි විස්තර දුරකථන අංක 071 36 54 625 ඇමතීමෙන් ලබාගත හැකිය.

 

(ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර)


ffff

                       දරුවා ලංකාදීප කාර්යාලයේදි මාධ්‍යවේදීන් සමග

xxxx

                     දරුවා මව සමග