දෙමටගොඩ බේස්ලයින් පාරේ උකස් ආයතනයක සේප්පුව කඩා රන් බඩු සොරාගැනීමට තැත් කළැයි පාසල් සිසුවකු ඇතුළු ලාබාල තරුණයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 16, 20 හා 23 වයස්හි පසුවන තරුණයින් බිත්තියක සිදුරක් හදා උකස් මධ්‍යස්ථානයට ඇතුළු වී එහි සේප්පුවේ අනතුරු නළාවට සම්බන්ධ වයරයක් කපා දමා සේප්පුව කඩමින් සිටියදී කිසිවකු පොලිසියට දන්වා ඇතැයි කියති.

