කොලු කල්ලියක් මහා හොරකමක


රුපියල් ලක්ෂ විස්සක මැණික් ස්වර්ණාභරණ හා ජංගම දුරකතන සොරා ගත් බව කියන හත් දෙනෙක් බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

වයස අවුරුදු 19-20 අතරේ සිටින සැකකරුවන් ගෙවල්වලට පැන සොරකම් කරන්නට ඇතැයි පොලිසිය කියයි.

පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ මහතා පරීක්ෂණ මෙහෙයවයි.