අත්තිඩිය වගුරු බිමේත්, දක්ෂිණ අධිවේගී මාර්ග පෙදෙසේත් සිටි කුරුල්ලන් බහුල වශයෙන් ගැවසෙන මිල්ලනිය කිංමංතුඩාවේ කොකුන් හා දියකාවුන් දඩයම මහ මිනිසුන් පමණක් නොව කොලු කුරුට්ටන් ද එක් වී සිටිතියි මිල්ලනිය පොලිසිය කියයි. කැටපොල්ලෙන් විද කුරුල්ලන් මැරීමට ආ කොලු රැලක් පොලිසියට රැගෙන ගොස් මවුපියන් කැඳවා බාරදීමට නියමිත බව පොලිසිය පවසයි .