කොල්ලුපිටියේදී අතුරුදන් වු මෝටර් රියක් පිටකෝට්ටේ රජ මාවතේ දී සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. සැක කටයුතු මොටර් රියක් සැරිසරන බවට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසියේදී මෝටර් රියේ නිත්‍යානුකූල භාවය සනාථ කළ හැකි කිසිදු ලියවිල්ලක් රියදුරු සතුව නොතිබුනු හෙයින් රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එය රාත්‍රි සමාජ ශාලාවකදී හමු වූ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හතකට උගස් ගත් රථයක් බව රියදුරු පවසා ඇති අතර වැඩිදුර පරීක්ෂාවේදී රථය කොල්ලුපිටිය ප්‍රදේයේ කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයකින් කුලියට ලබාදුන් රථයක් බවත් රථය පිළිබඳව පැමිණිල්ලක්ද කොල්ලුපිටිය පොලිසියට ලැබී ඇති බවත් අනාවරණය වී ඇත.

