කොල්ලුපිටිය පොලිසිය අඳ බාල වැඩක් කරලා


ආයුර්වේද සම්භාහන ආයතනයකට මුවාවී කොළඹ කොල්ලුපිටියේ ගණිකා නිවසක් පවත්වාගෙන ගිය බවට 2011 දී පැවරූ නඩුවකින් එහි අඳ හිමිකරු හා සේවිකාවෝ අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් නිදහස් කරනු ලැබූහ.

කොල්ලුපිටිය පොලිසිය නීති විරෝධී ලෙස එම ස්ථානය වටලා ඇතැයි ද, පැමිණිල්ල ඔප්පුකිරීමට බැරිවීයැයි ද  මහේස්ත්‍රාත්වරයා කීවේය.

සමාගම් පනත යටතේ තම සම්බාහන මධ්‍යස්ථානය 1958 දී ඇරැඹූ බවත් ළමා කාලයේ අඳ භාවයට පත් වූ තමා රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ දී සම්භාහනය ඉගෙන ගත් බවත්, සෝදිසි වරෙන්තුවක් නොමැතිව කොල්ලුපිටිය පොලිසිය 2011 අගෝස්තු 10 වැනි දා තම මධ්‍යස්ථානය වටලූ බවත් එහි හිමිකරු නවරත්න බණ්ඩා (83) මහතා සාක්කි දෙමින් කීවේය.