කොල්ලාට පිස්තෝලය දික් කළ අයි පී මාරු


ගම්පහ කොට්ඨාසයේ පොලීසියක පරීක්ෂකවරයකු සාමාන්‍ය ඇඳුමෙන්  අවේලාවේ පැම්ණ පිස්තෝලය දිගු කර තරුණයකුට (23) තර්ජනය කළැයි කියන පැමිණිල්ලක්  විමර්ශනය කිරීම ආරම්භ කළ පොලීසිය තාවකාලිකව එම පරීක්ෂක වෙනත් පොලීසියකට මාරු කැර ඇතැයි පොලිස් ආරංචි කියයි.

මුදල් ආරවුලක් සම්බන්දයෙන් මීට මසකට පමණ පෙර තමා පොලීසියට පැමිනිල්ලක් කර තිබු බවත් ,සෙනසුරාදා (28) දවල් එය විභාග කර සමත මණ්ඩලයට යොමු කළ බවත්,න් පසු මිරිස්වත්ත හන්දියට එන ලෙස එම පොලිස් පරික්ෂක කිහිප විටක් අරකතන ඇමතුම් දුන් බවත් තරුණයා පොලීසියට කියා ඇත.

සෙනසුරාදා (28) රාත්‍රී හතට පමණ  ඔහු තවත් පුද්ගලයකු සමඟ පැමිණ හෙල්මටයකින්  තල්ලු කර  පිස්තෝලය එල්ල කැර  පරුෂ වචනයෙන්  බැන තර්ජනය කළ  බවද, පැමිණිල්ල ඉවරයක් කර ගන්නැයි කී බවද ,ඒ අවස්ථාවේ නිවස අසල සිටි කිහිප දෙනකු සිද්ධිය දුටු බවද,ඒ ගැන 118 අංකයට දැනුම් දුන් බවද තරුණයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

ත්‍රිරෝද රථ රියදුරකු වන තමා වරදක් කර නැතැයිද,පොලිස් පරික්ෂක නැවැත පැමිණ ජීවිත හානියක් කරතියි බියෙන් සිටින බවද ඔහු පොලීසියට කියා තිබේ.

එම පැමිණිල්ල ගැන විමර්ශන ආරම්භ කළ බවත්,පරීක්ෂණ අවසන්වනතුරු පොලිස් පරීක්ෂක තාවකාලිකව වෙනත් පොලීසියකට ස්ථාන මාරු කළ බවත් පොලීසිය කියයි.