බම්බලපිටියේ ඩික්මන්පාරේ ගෙයකට ඇතුළුවූ හොරුන් ඇල්ලීමට ගිය පොලීසියට පිහි ප්‍රහාරයක් එල්ලවෙද්දි වෙඩි තැබීමනේ හොරකු මියගොස් හොරුන් සිව් දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනියගේ නිවසට හොරු පැමිණි බව පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනුව පොලීසිය පැමිණියේය. නිවසේ සිටි කිසුවෙකුට තුවාල සිදුව නැත. පොලීසියේ තුන් දෙනෙක්ද පිහි ඇණුම් කා රෝහල්ගත කරනු ලැබ සිටිති. අද අළුයම මේ සිද්ධිය වාර්තා විය.
ඡායාරූප බිමල් ශ්‍යාමන් බණ්ඩාර