
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී තුවාල සිදුකර කොල්ලකෑ රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය පිළියන්දල තුම්බෝවිල අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී සොයාගත් බව ගල්කිස්සස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
විදේශිකයකු කහතුඩුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන යාම සඳහා ඊයේ (14) අලුයම පැමිණ කල් වේලා තිබෙන බැවින් පොල්ගස්ඕවිට හන්දියේ මෝටර් රථය නවතා විවේක ගනිමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ සිය බිරිඳ අසනීපව රෝහල් ගතට රැගෙන යාමට පැමිණෙන ලෙස රියදුරට කළ ආයාචනය මත ඊට එකඟව මෝටර් රථය පණ ගන්වා යාමට සූදානම් වීමේදී තවත් පුද්ගලයන් දෙදෙනකු ඊට බලහත්කාරයෙන්ම ගොඩ වී තිබිණ .
පොල්ගස්ඕවිට හන්දියේ සිට හොරණ දෙසට මද දුරක් යාමේදී මෝටර් රථයේ තොරතුරු විමසමින් ජි පි එස් තිබේදැයි රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේ දී රියදුරාට සැක සිති කහතුඩුව මහවංගුව පසු කරනවාත් සමගම අතුරු මාර්ගයට හරවන ලෙස රියදුරාට පැවසීමත් සමඟම ඒ පිළිබඳ සැක සිති මෝටර් රථය ආපසු එකවරම හරවා පොලිසියට ඒමට උත්සාහ කිරීමේදී රියදුරුට කැත්තකින් පහරදී මෝටර් රථයෙන් පිටතට ඇදඇද දමා මෝටර් රථය හා ඔහුගේ මුදල් පසුම්බිය රැගෙන පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

