කොල්ලකරුට හොර ගෑනු 11යි


හය මාසයක දී පළාත් හයක දී මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු සල්ලි කාරයන්ගේ ගෙවල් කොල්ල කෑ සන්නද්ධ කල්ලියක 23 දෙනෙක් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ අත්අඩංගුවට ගත් මේ පිරිස අතර කොල්ලයක් මෙහෙය වූ ගැහැණියක ද සිටින බව කියති.

අම්බලන්ගොඩ වාද්දූව බලංගොඩ, හොරණ, කිරිබත්ගොඩ හා ජාඇළ ගෙවල්වලට පැණ අවි පෙන්වා සල්ලි, මැණික් හා රන් අබරණ ඔවුන් පැහැරගෙන ඇතැයි ද, අම්බලන්ගොඩ  කොල්ලය මෙහෙයවා ඇත්තේ ගැහැනියක බව ද කියති.

සන්නද්ධ කල්ලියේ සංඛ්‍යාව හය දෙනකු බවත් පරිවාර පිරිස 17ක් බවත් පොලිසිය පවසයි.

2014 මුල් හය මාසයේ දී මේ කොල්ලකෑම් කර ඇති බව ද බලංගොඩ බෝවත්තේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ල කෑමේ සිද්ධිය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණීමෙන් පසුව පරීක්ෂණ මෙවන් ද සිල්වා මහතාට බාර කළ බව ද දැනගන්නට ඇත.

එක් කොල්ලකරුවකුට අනියම් බාර්යාවන් 11 දෙනකු සිටි බව ද, කොල්ලකෑම් අවසානයේ කොල්කරුවන් ඉන්දියාවේ සති තුනක සංචාරයකට ද ගොස් ඇතැයි පොලිසිය පවසයි.